Connect with us

ව්‍යාපාර

ලෝකයේ 4වැනි තැනට පීචං වූ ලංකාවේ රුපියල

Published

on

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ලෝකයේ 4 වැනි තැනට අවප්‍රමාණය වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකාවේ රුපියල පත්ව තිබේ.

ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකී මහතා පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට සෘණ 49.17කින් පමණ අවප්‍රමාණය වී ඇති බවයි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලෝකයේ වැඩියෙන්ම අවප්‍රමාණය වී ඇති මුදල වන්නේ සිම්බාබ්වේ ඩොලරයයි. ඒම අගය සියයට සෘණ 77.78කි.

වෙනිසියුලා බොලිවියර් හා කියුබානු පේසෝ මුදල් ඒ්කක මෙම ගණනය කිරීම් අතර ලෝකයේ දෙවැනි හා තෙවැනි ස්ථානයට අවප්‍රමාණය වූ මුදල් ඒ්කක බවට පත්ව තිබේ.

පුවත්

කෝටි 29000ක බැඳුම්කර 18 දා වෙන්දේසියේ

Published

on

By

රුපියල් කෝටි 29,000ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් 18 වෙනිදා බදාදා සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය 12 වෙනිදා පවත්වන ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී 2028 පෙබරවාරි 15 දින කල්පිරීම සඳහා රුපියල් කෝටි 10,000ක් වෙනුවෙන් ලංසු රුපියල් කෝටි 17875.1ක් ලැබී තිබුණු අතර 2029 ජූනි 15 දින කල්පිරීම වෙනුවෙන් වූ කෝටි 150,000 වෙනුවෙන් ලංසු රුපියල් කෝටි 34568.7ක් ලැබී තිබුණි. 2034 වසරේ සැප්තැම්බර් 15 දින කල්පිරීම වෙනුවෙන් වූ කෝටි 4000ක් වෙනුවෙන් රුපියල් 8078ක් ලැබී තිබුණි.

2028 පෙබරවාරි 15 කල්පිරෙන බැඳුම්කර වෙනුවෙන් 10.75%ක පොලියක්ද 2028 ජූනි 15 දින කල්පිරෙන බැඳුම්කර වෙනුවෙන් 11.75ක පොලියක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර ඇත.

(සිළුමිණ)

Continue Reading

ව්‍යාපාර

භාණ්ඩ ආනයන බදු සංශෝධනය කරයි

Published

on

By

භාණ්ඩ ආනයනය කිරීමේ දී අය කරනු ලබන ආනයන බදු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

තීරු බද්ද, සෙස් බද්ද, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු සහ කාලීනව ඉදිරිපත් වී ඇති දේශීය කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ ඉල්ලීම මත පහත වෙනස්කම් සිදුවේ

  • විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත්ව පවතින ඇතැම් ආනයන භාණ්ඩ එම බද්දෙන් නිදහස් කර රේගු ආනයන බද්ද ඇතුළු සාමාන්‍ය ආනයන බදු ව්‍යුහයට ඇතුළත් කිරීම.
  • දුඹුරු සීනි ආනයනය සඳහා ආනයන රේගු බද්ද සංශෝධනය කිරීම.
  • දේශීය කර්මාන්ත බලගැන්වීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත රේගු සංකේතාංක 225ක් යටතට අයත් පාවහන්, ඇසුරුම්, විදුලි යන්ත්‍රෝපකරණ, ප්ලාස්ටික් සහ රබර් කර්මාන්තයට අයත් අමුද්‍රව්‍ය සහ අතරමැදි භාන්ඩ සම්බන්ධයෙන් ආනයන බදු සංශෝධනය කිරීම.
  • ළමා සහ වැඩිහිටි අපද්‍රව්‍ය අවශෝෂක (Diapers) සහ ඒ සඳහා වන අමුද්‍රව්‍ය මත වූ බදු අඩු කිරීම.
  • ශ්‍රී ලංකාව තුල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා අදාළ වන පරිදි බදු සංශෝධනයන් හඳුන්වා දීම.
  • දේශීයව පාපැදි සහ උපාංග නිෂ්පාදන කර්මාන්තය, මුද්‍රණ හා මුද්‍රණ තීන්ත කර්මාන්තය, දේශීයව රෙදි සෝදන යන්ත්‍ර, ලයිටර් නිෂ්පාදන කර්මාන්ත සහ ළමා නිමි ඇඳුම් ආනයනය සම්බන්ධයෙන් පවතින ආනයන බදු විෂමතාවන් ඉවත් කිරීම.
  • තල් හා තල් නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය, විදුලියෙන් ක්‍රියා කරන සෙල්ලම් භාණ්ඩ හා දේශීය ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා තිප්පිලි වෙන්ව හඳුනා ගැනීමට නව ජාතික උප බෙදුම් රේගු සංකේතාංක හඳුන්වා දීම සහ දේශීය ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ආනයනයේ දී සෙස් බදු නිදහස් කිරීම සඳහා පවත්නා ක්‍රමවේදය සරල කිරීම.

Continue Reading

ව්‍යාපාර

ලාෆ්ස් ගෑස් මිල වෙනසක්?

Published

on

By

මෙම මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරයි.

ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සදහන් කළේ මාසික මිල සූත්‍රය අනුව මෙම තීරණය ගත් බවයි.

ගෑස් මිල ඉහළ යෑමේ හැකියාවක් ඇති බවට පැතිර ගිය ආරංචිත් සමග පසුගිය දින කිහිපය පුරාම දිවයින පුරා ගෑස් හිඟයක්ද පැවතුණි.

පාරිභෝගිකයන් චෝදනා කළේ මිල වැඩිකිරීමේ බලාපොරොත්තුවෙන් ගෑස් අලෙවිසැල් ගෑස් සඟවා ඇති බවය.

කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සළකුණ වන ගෑස් සිලින්ඩරයෙන් මැතිවරණයට පෙර ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බවටද ඇතැම් පාර්ශව චෝදනා කරයි.

මන්ද ජනාධිපතිවරයා සහ මැතිවරණ ප්‍රචාරණයෙහි යෙදෙන පොහොට්ටුවෙන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට පැමිණි පිරිස ගෑස් පෝලිම් අවසන් කිරීම සහ ගෑස් ප්‍රශ්න විසදූ බවට දිගින් දිගටම ප්‍රචාරය කිරීම මීට හේතුවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved