Connect with us

පුවත්

රු : 55ට බිත්තර අදත් වෙළඳ පොලට

Published

on

රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීම අද (30) දිනයේ කොළඹ, මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බව බිත්තර සංගම් පවසයි.

එම දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ දී එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම සංගම් නියෝජිතයින් පෙන්වාදෙයි.

මෙම වැඩසටහන පසුගිය 28 වනදා කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට හැකියාවක් නොමැති වුවද මෙම වැඩසටහන තාවකාලිකව ක්‍රියාත්මක කරන බවය.

(මූලාශ්‍රය අද දෙරණ)

පුවත්

මීනී පෙට්ටි 50ක් බණ්ඩාරගම පොලිසියට ගෙනියයි

Published

on

By

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණි ලොරි රථය නවතා සිදු කළ පරික්ෂාවේදී ඉතා අනතුරුදායක ලෙස මිනි පෙටිටි 50 ක් එක පිට එක පටවා තිබෙන අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.

බණ්ඩාරගම නගරයේ ආවරණය වන පරිදි යොදා තිබෙන සංඥා පුවරු වලද ගෑවෙන නොගෑවෙන තරමට මෙම මිනිපෙට්ටි පටවා තිබූ බව පොලිසිය කියයි.

එම රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර අළුබුමුල්ලේ සිට මූලතීව් දක්වා මෙම මිනිපෙට්ටි තොගය ප්‍රවාහනය කරන බව පවසා ඇත.

අන්තරාදායක ලෙස මිනිපෙට්ටි තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් වැඩිකරයි!

Published

on

By

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි පොහොට්ටුව නැවත ජනපතිගෙන් ඉල්ලයි

Published

on

By

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් තබන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වරක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇතැයි පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙයට පෙරද පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබිණි.

මේ අතර, පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ තම පක්ෂය සියලුම මැතිවරණ සඳහා වෙනත් කිසිදු ලකුණකින් තරග නොකරන බවයි.

සිය පක්ෂය පොහොට්ටුව ලකුණින් පමණක් තරග කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved