අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිල පහත දමා තිබේ.
මෙලෙස මිල අඩු කර ඇත්තේ අර්තාපල්, ලොකු ලූණු, ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු වලය.
ඒ අනුව, අර්තාපල් කිලෝග්‍රෑමයක නව මිල රු. 375ක් වන අතර, ලොකු ලූණු කිලෝග්‍රෑමයක නව මිල රු. 149කි.
තවද, ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑමයක් රු. 198 දක්වා සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රු. 358ක් දක්වා ද අඩුකර තිබේ.