සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබේ.
මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි.
එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.
ඊයේ (01) සීනි බදු වංචාවක් සම්බන්ධයෙන් නම ගිය සමාගමක් හදිස්සියේම සිනි කිලෝ මෙට්‍රික් ටොන් 8500ක් නිදහස් කරගෙන ගොස් ඇති බවද රේගු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.