අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.15 කින්, භූමිතෙල් ලීටරයක මිල රු. 7 කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 12 කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර, සෙසු ඉන්ධන මිල සංශෝධනය නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
Last Update – 30-06-2025 2:54 pm
අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලේ සංශෝධනයක්
මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.
ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනයේ ජුනි මසට අදාලව වෙනස් වීමක් සිදු වූයේ නැත.
ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවයි එම සංස්ථාව විසින් දැනුම් දෙන ලදී.
මේවන විට ඉන්ධන මිල ගණන් පවතින්නේ මෙසේය,
- ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක්
- ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක්
- ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක්
- සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක
- භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක්
ඉදිරි කාලයේදී තෙල් මිල ශත 50කින් හෝ අඩු වීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ප්‍රකාශ කරන ලදී.