ආනයනික අර්තාපල් බද්ද ඉහළට
ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව, ඊයේ (08) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රු. 20ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 50ක් දක්වා ඉහළ දමා ඇත.මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බදු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව වාර්තා වේ.