මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන, ලාභ ලබන ආයතන බවට පත් කිරීමෙන් රජය ආරම්භ කර ඇති ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මේවන විට යළිත් සාර්ථක ආරම්භයක් ලබා ගෙන ඇති බව සඳහන් වේ.
ත්‍රිපෝෂ සමාගමෙන් විවිධ රස සමගින් පෝෂදායි රසවත් ත්‍රිපෝෂ කප්කේක් (cup cake) නිෂ්පාදනයක් හදුන්වා දීමට නියමිතය.
චොකලට්, කෙසෙල්, වැනිලා, ස්ටෝබරි සහ අඹ රසැති ත්‍රිපෝෂ කප්කේක් මේ අනුව නිෂ්පාදනය කෙරේ.
සමාගමේ ජාඇල ප්‍රධාන කාර්‍යාලය අසළ පිහිටි නිෂ්පාදන අලෙවිසැලෙන් (outlet) ඒවා මිලදී ගැනීමට පාරිභෝගියාට ලබන සතියේ සිට අවස්ථාව උදාවන බව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා කියා සිටියේය
ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා සඳහන් කරන්නේ කර්මාන්තශාලාවේ නැවතී තිබුණු මැෂින් නැවත පැය 24ම වැඩ කරන තත්වයකට පත්ව ඇති බවය.
මේ සමඟ පළමු ත්‍රිපෝෂ නිෂ්පාදන පැකට් සූදානම් වී ඇති අතර ක්‍රමානුකූලව හිස්ව තිබූ ගබඩාගාර යළි ත්‍රිපෝෂ නිෂ්පාදන පැකට්වලින් පිරෙමින් නැවතත් පැය 24ම පුරාම වැඩ කරන වැඩබිමක් බවට ආයතනය පත්ව ඇති බව සභාපතිවරයා සඳහන් කරයි.
තව දින කිහිපයකින් සිය ආයතනය රටටම ත්‍රිපෝෂ බෙදා හැරීමට සූදානම් බවත්, ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ ළඳරුවන් සදහා නැවත ත්‍රිපෝෂ ලබා දිය හැකි බවත් සභාපතිවරයා විසින් වැඩිදුරටත් පවසන ලදී.