නෙස්ලේ ලංකා කුරුනෑගල කර්මාන්ත ශාලාවේ රුපියල් බිලිනය 1.1ක නව ජෛව ස්කන්ධ (biomass) බොයිලේරුව විවෘත කිරීම ඊයේ (27) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
පරිසරය රැකගනිමින් කාබන් විමෝචනය අවම කරලීම අරමුණු කොටගෙන තම මෙහෙයුම් තිරසාර අයුරින් සිදුකිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, නෙස්ලේ ලංකා ආයතනය රුපියල් බිලියන 1.1ක ආයෝජනයක් මෙම Biomass බොයිලේරු වියාපෘතිය හරහා මෙරට සිදුකර ඇත.
අද වන විට ක්‍රියාත්මක වාෂ්ප බෝයිල්රු තුලින් නිපදවන කාබන් විමෝචනය මෙම වියාපෘතිය තුලින් 90% දක්වා අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි නෙස්ලේ ලංකා සමාගම අපේක්ෂා කරනු ලබයි.
එම අවස්තාව සදහා ස්විස්ටර්ලන්තයේ තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහත්මා සහ නෙස්ලේ ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක Bernie Stefan මහත්මා ඇතුළු පිරිසක් සහභාගී වූහ.