නොම්බර 329, ගාලු පාර, කොල්ලුපිටිය යන ලිපිනයේ පිහිටි හොටේල් ඩි ප්ලාසා (Hotel de Plaza – Kollupitiya) අවන්හලෙන් ගත් රොටි පාර්සලයක පණුවන් සිටි බවට නීතීඥවරියක් සිදු කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත මේ පැමිණිල්ල ලැබී ඇති අතර ඒ් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ අවන්හල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර නිසි පියවර ගන්නා බව ය.