චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්රවාහන ගුවන් සේවයක් ඊයේ (26) සිට ආරම්භ විය.
එහි ප්රථම මංගල ගුවන් යානය ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
එම මංගල ගුවන් ගමන සඳහා එස්.එෆ්. ගුවන් සේවය විසින් බෝයිං-747-200 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි.
එම ගුවන් යානය චීනයේ කුංමිං නගරයේ සිට මෙට්රික් ටොන් 22ක භාණ්ඩ තොගයක් ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව, සෑම සඳුදා සහ බ්රහස්පතින්දා දිනකම චීනයේ කුංමිං සහ කටුනායක ගුවන් තොටුපොළ අතර එම ගුවන් ගමන් මෙහෙයුම් ක්රියාත්මක වීමට නියමිතය.