පුවත්

ත්‍රීරෝද ගාස්තු ත් අඩුකරයි

Published

on

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කිරීමට සාපේක්‍ෂව ත්‍රීරෝද රථ ගාස්තුව අනිවාර්යෙන්ම අඩු කරන බවත් පළමු කිලෝමීටරය රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 80 ක් අයකරන ලෙස ත්‍රීරෝද රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.

මීටර සවිකළ ත්‍රීරෝද රථ පිළිබඳව පමණක් තමන්ට අදහස් පළකළ හැකි වුවද එම ත්‍රීරෝද රථ ද විවිධ ගාස්තුවලට මගී ප්‍රවාහනය කරන බව කී ධර්මසේකර මහතා කිව්.ආර්. කේතයට අනුව ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 5 ක් පමණක් ලැබීම නිසා වැඩි මිලට ඉන්ධන ලබාගෙන ධාවනය කිරීමට සිදුවී ඇති බව ද සඳහන් කළේය.

ආණ්ඩුව පෙට්‍රල් මිල අඩු කළාක් මෙන්ම ත්‍රීරෝද රථවලට හිමි පෙට්‍රල් ප්‍රමාණ ද ඉහළ දැමීමට කටයුතු කළ හොත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ සැබෑ හැකියාව ඇති බව ද ඒ මහතා කීය.

(නිවුස්රේඩියෝ)

Trending

Exit mobile version