පුවත්

නැව් සමාගම්වල හිතුවක්කාර ගාස්තු බැඳතැබූ ගැසට්එක ඇමති ගලවලා

Published

on

නැව් සමාගම් අත්තෝනොමතිකව අයකරනු ලබන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරිම සදහා 2017 ඔක්තෝම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කර තිබු අංක 2014/10 දරණ ගැසට්පත්‍රය අවලංගු කිරීමත් සමඟ ආනයන අපනයනකරුවන් නැවත විශාල අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙම ගැසට් පත්‍රය අහෝසි කිරීමට කටයුතු කර ඇත්තේ වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා විසිනි.

මේ තත්ත්වයත් සමඟ නැව් සමාගම් විසින් ප්‍රවාහන ගාස්තුවලට අමතරව තවත් ගාස්තු වර්ග 40ක් පමණ හිතුමතේ අය කිරීමේ තත්ත්වයක් උදාවිය හැකි බවට ආනයනකරුවෝ කියා සිටිති.

අදාළ ගැසට් නිවේදනය නිකුත්කරනු ලැබුවේ වරාය නාවික ඇමතිවරයාව සිටි මහින්ද සමරසිංහ මහතා විසින් වන අතර ඒ නැව් සමාගම් විසින් අනවශ්‍ය ගාස්තු අයකිරීම සිමා කිරීම සඳහාය.

එමගින් ආදාළ භාණ්ඩ පැටවිම, ගොඩබෑම, ගුදාමි ආදි සියලුම ගාස්තු නාවික සමාගම මගින් ගෙවනු ලැබු අතර ඒ සදහා නිෂ්චිත ගණන් ප්‍රකාශයට පත් කර තිබිනි.

එහෙත් මෙම ගැසට් පත්‍රය අවලංගු කිරිම නිසා ආදාල සියලුම ගාස්තු ආනයනකරු විසින් දැරීමට සිදුවන අතර අවසානයේ එවා පාරිභෝගිකයා මත රිසිසේ වැඩි කර අයකර ගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවෙන බව ආනායනකරුවෝ කියති.

මෙම තත්වය හේතුවෙන් එදිනෙදා පරිභෝජනය කරනු ලබන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය වන සීනි, පරිප්පු, සහල් වැනි භාණ්ඩවලට තදින්ම බලපාන බවත් ආනයනකරුවන් හා පාරිභෝගිකයින් ආරක්ෂ කළ මෙම ගැසට් පත්‍රයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් අවබෝධයක් නොමැතිව අදාළ පාර්ශව සමඟ සාකච්ජා නොකොට අවලංගු කිරිමෙන් ගැටලු රැසක් මතුවන බව සිනී ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පී අබේසේකර මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.

Trending

Exit mobile version