Connect with us

ව්‍යාපාර

පසුගිය මාසයේදී වාර්තාගත සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට

Published

on

වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදෙස් සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙරටට පසුගිය නොවැම්බර් මස විදේශ සංචාරකයන් 151,496ක් පැමිණි බවත් එම සංඛ්‍යාව 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව බවත් එම අධිකාරිය සඳහන් කර ඇත.

මෙම නොවැම්බරයේදී පැමිණි සංචාරකයන් ප්‍රමාණය 2022 නොවැම්බරයේදී පැමිණි ප්‍රමාණය හා සැසඳීමේදී එය 153.5%ක් ලෙස සටහන් වේ.

පසුගිය මාසයේදීද වැඩිපුරම සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඉන්පසුව වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. ජර්මනිය හා බ්‍රිතාන්‍යය පිළිවෙලින් තෙවැනි හා සිවුවැනි ස්ථාන වලද ඕස්ට්‍රේලියාව හා චීනය පිළිවෙළින් පස්වැනි හා සයවැනි ස්ථාන වලද සිටියි.

මෙම වසර ගතවූ මාස 11 තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 13 කට ආසන්න සංඛ්‍යාවක් (1,276,951) මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.

ව්‍යාපාර

‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

Published

on

By

පසුගිය දා කැනඩාවේ ටොරොන්ටෝහි පැවති SIAL Canada 2025 වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී තිබෙන බවය.

අප්‍රේල් 29 සිට මැයි 1 දක්වා ටොරොන්ටෝ හි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

SIAL කැනඩා යනු කැනඩාවේ ආහාර පාන අංශයේ ප්‍රධාන වාර්ෂික වෙළෙඳ ප්‍රදර්ශනවලින් එකක් වන අතර,රටවල් 44කින් ප්‍රදර්ශකයන් සහ වෙළෙඳ නාම 1,000කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනී. රටවල් 77කින් වෘත්තිකයන් 21,000කට වැඩි පිරිසක් සහභාගි වන අතර සියලු කැනේඩියානු පළාත් නියෝජනය වේ.

ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වෙළෙඳ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබෙන අතර,කැනේඩියානු වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්දාම සහ ප්‍රමුඛපෙළේ සිල්ලර ව්‍යාපාරික ආයතන සමඟ ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය පුළුල් කිරීමට දරන උත්සාහයන්ට සහාය දක්වන ශ්‍රී ලාංකික සමාගම්වල නියෝජිතයන් ද හමු වී තිබේ.

Continue Reading

ව්‍යාපාර

ඉහළ ගිය පොල් මිල

Published

on

By

පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ.

මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි.

කුඩා පොල් ගෙඩියක්  අලෙවි වන්නේ රුපියල් 175 ත් 190 ත් අතර මිලකට බව වෙළෙන්දෝ පවසති.

Continue Reading

ව්‍යාපාර

නොවෙනස්  “ලාෆ්”

Published

on

By

මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පියරීස් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,645ක් ලෙස පවතී. 

අවසන් වරට ගෑස් මිල සංශෝධනය සිදු වූයේ අප්‍රේල් මාසයේදීය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ අප්‍රේල් මාසයේ වන අතර ඊට අදාළව පවතින මිල ගණන් එලෙසින්ම පවතිනු ඇති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved