වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදෙස් සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙරටට පසුගිය නොවැම්බර් මස විදේශ සංචාරකයන් 151,496ක් පැමිණි බවත් එම සංඛ්‍යාව 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව බවත් එම අධිකාරිය සඳහන් කර ඇත.
මෙම නොවැම්බරයේදී පැමිණි සංචාරකයන් ප්‍රමාණය 2022 නොවැම්බරයේදී පැමිණි ප්‍රමාණය හා සැසඳීමේදී එය 153.5%ක් ලෙස සටහන් වේ.
පසුගිය මාසයේදීද වැඩිපුරම සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඉන්පසුව වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. ජර්මනිය හා බ්‍රිතාන්‍යය පිළිවෙලින් තෙවැනි හා සිවුවැනි ස්ථාන වලද ඕස්ට්‍රේලියාව හා චීනය පිළිවෙළින් පස්වැනි හා සයවැනි ස්ථාන වලද සිටියි.
මෙම වසර ගතවූ මාස 11 තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 13 කට ආසන්න සංඛ්‍යාවක් (1,276,951) මෙරටට පැමිණ ඇති බව ද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.