Connect with us

පුවත්

පුද්ගලික අංශයේ පොලී අනුපාත තව පහල යා යුතුයි – මහබැංකු අධිපති

Published

on

මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඊයේ (07) පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතු බවය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව ප්‍රකාශ කළ මහ බැංකු අධිපතිවරයා පහළ යන උද්ධමනය අනුපාතය අනුව ප්‍රතිපත්ති අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට අවස්ථාව පවතින බව ද පෙන්වා දී තිබේ.

මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ උද්ධමනය සහ මුදල් පීඩනය මැඩපැවැත්වීම සඳහා වාර්තාගත ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත් අතර පසුගිය මාස දෙක තුළ ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 450කින් පමණ අඩුකිරීමට හැකි වූ බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළ සියයට 03ක හැකිලීමට වඩා ආර්ථිකයේ ශක්තිමත් කාර්යය සාධනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇති බව ද මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කර තිබේ.

උද්ධමනය සියයට 4ත් 6ත් අතර අගයකට ළඟාවීම මහ බැංකුවේ ඉලක්කය බව ද ඔහු ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ජීවිතයට යමක්

ලෝක මැලේරියා දිනය අදයි

Published

on

By

ලෝක මැලේරියා දිනය (World Malaria Day) අදට (25) යෙදී තිබේ.

මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් ලෙස සැළකේ.

ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212කට අධික ප්‍රමාණයක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබේ.

මැලේරියාව යනු වාහකයෙක් මගින් බෝවන ආසාදිත රෝගයක් වන අතර එය ඇති කරනු ලබන්නේ ප්‍රොටෝසෝවාවකු (ඒක සෛලික ජීවියෙක්) වූ පරපොෂිතයෙකුගෙනි. එනම් ප්ලැස්මෝඩියම් ගණයට අයත් ඒක සෛලික පරපෝෂිතයෙකි.

මිනිසුන් හට ආසාදන ඇති කළ හැක්කේ මෙම ප්ලැස්මෝඩියම් වර්ගයට අයත් පරපෝෂිතයන් 4 දෙනෙකුගෙන් පමණි. වඩාත් දරුණු මැලේරියා රෝග තත්වයන් ඇති කරනු ලබන්නේ ප්ලැස්මෝඩියම් ෆල්සිපාරුම් හා ප්ලැස්මෝඩියම් වයිවැක්ස් නම් පරපෝෂිතයන්ගෙනි.

නමුත් අනෙකුත් වර්ග දෙක වන ප්ලැස්මෝඩියම් ඕවාලේ සහ ප්ලැස්මෝඩියම් මලාරියේ යන පරපෝෂිතයින්ට ද මිනිසුන් හට ආසාදන ඇති කිරීමේ හැකියාව ඇත.

මෙම මිනිසුන් සදහා රෝග ඇති කරන ප්ලැස්මෝඩියම් විශේෂවලට මැලේරියා පරපෝෂිතයින් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබයි.

මැලේරියා පරපෝෂිතයින් පරිවහණය කරනු ලබන්නේ ගැහැණු ඇනෝපිලස් මදුරුවකු මගින්.

මෙම පරපෝෂිතයින් මිනිසාගේ රුධිරයෙහි වූ රක්තානුවල ගුණනය වීමෙන් රෝග ලක්ෂණ ඇති කරනු ලබයි.

මැලේරියා රෝග ලක්ෂණ අතර උණ , සෙම්ප්‍රතිශ්‍යාව , ඇඟපත රුදාව , දහඩිය දැමීම සහ දරුණු තත්ත්වයන් යටතේ වලිප්පුව සහ සිහිය විකල් වීම  මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇති විය හැකියි.” මැලේරියාව එපා කියන්න ” මෙවර මේ වසරේ ලෝක මැලේරියා දින තේමාවයි.

ලෝක මැලේරියා දිනය නිමිති කොට ගෙන අද (25) දින පා ගමනක් සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වන පා ගමන විහාර මහාදේවි උද්‍යානයෙන් අවසන් වන අතර, විහාර මහාදේවි උද්‍යානයේ බෑන් පිට්ටනියේ අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ කෙටි කරුණු  දැක්වීමකින් අවසන් වෙයි. මෙහිදී මැලේරියා මර්දන ව්‍යාපාරයේ වීදි නාට්‍ය කණ්ඩායමේ අංගයක් ද ඉදිරිපත් කෙරෙනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2016 වසරේදී ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් යන සහතිකය ලබා දී තිබේ

යම් පුද්ගලයෙක් මැලේරියාව ආවේණික රටකට ගමන් කරන්නේ නම් පිටත්ව යාමට පෙර මැලේරියාව වැළැක්වීමේ ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත් වන අතර  නාරාහේන්පිට පිහිටි මැලේරියා මර්දන ව්‍යාපාර මූලස්ථානයෙන් සහ සෑම දිස්ත්‍රික්කයකම දේශීය මැලේරියා පාලන කාර්යාලවලින් නොමිලේ මෙම  ඖෂධ ලබා ගත හැකිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර නාරාහේන්පිට පිහිටි  මැලේරියා මර්දන ව්‍යාපාර‌යේ 071 2841767 දුරකතන අංකයෙන් හෝ  [email protected] විද්‍යුත් ලිපිනයෙන් හෝ www.malariacampaign.gov.lk  වෙබ් අඩවියෙන් දැන ගත හැකිය..

Continue Reading

පුවත්

සඳුදාට එන බව රනිල් දැනුම්දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කිසිම හේතුවකට අලුතින් එකතු වෙන්න බැරි බව පොලීසිය දැනුම් දෙයි

Published

on

By

සිරි දළදා වන්දනාව සඳහා කිසිඳු හේතුවක් මත අලුතින් සැදැහැවතුන් එක්කර නොගන්නා බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි.

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමග ඊයේ දිනයේ සිට මේ සඳහා එක් නොවන ලෙස දළදා වන්දනා කමිටුව දැනුම් දුන්නේය.

කෙසේවෙතත් දැනට පෝලිම්වල සිටින සැදැහැවතුන් සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව සලසාදීමට තීරණය කර ඇති අතර ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් එලෙස පෝලිම්වල රැඳීසිටින බව පොලීසිය සඳහන් කළේය.

මේ වනවිට පෝලිම්වල රැඳීසිටින පිරිස් සිරි දළදා වන්දනාව අවසන් කරනවිට 27 වන ඉරුදින පස්වරුව වනු ඇති බවට පොලීසිය අනුමාන කර තිබේ.

මෙම තත්ත්වය තුළ සැදැහැවතුන් සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට නොපැමිණෙන ලෙසද පොලීසිය ඉල්ලීමක් කර ඇත.

යම් හෙයකින් වන්දනා මාන කිරීමට ඉඩ ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් හෙට (26) පස්වරුවේ හෝ 27 උදෑසන දැනුම්දෙන බවද පොලීසිය සඳහන් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved