Connect with us

පුවත්

බිත්තර මිල ඉහළට

Published

on

පසුගිය සතියේදී රුපියල් 28 ත් 30 ත් අතර මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ සතිය වනවිට රුපියල් 4 ත් 6 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 32 ත් 34 ත් අතර මිලක් දක්වා ඉහල ගොස් ඇත.

එළඹෙන උත්සව සමයත් සමග බිත්තර සදහා තිබෙන ඉල්ලුමද ඉහළ ගොස් ඇති අතර මේ නිසා ගොවිපොළ හිමියන් බිත්තර මිල ගණන් ඉහළ දමා තිබෙන බවත්,ඉදිරි දිනවලදී බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි බිත්තර වෙළෙන්දෝ කියා සිටිති.

දැනට සති දෙකකට පමණ ඉහතදී බිත්තරයක් රුපියල් 25 ක් දක්වා මිලකට අලෙවි විය.

පුවත්

පිල්ලෙයාන් මොකද කිව්වේ? ගම්මන්පිල හෙලි කරයි (වීඩියෝ)

Published

on

By

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් අද (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී ගම්මන්පිළ මහතා විස්තර දැක්වීය.

මෙහිදී අදහස් පලකරමින්,

“මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. 

මම පිල්ලෙයාන් හමු වුණේ දේශපාලකයෙකු ලෙස නොවේ. නීතිඥයෙකු ලෙස. මම මගේ දේශපාලන ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන් කරගෙන කරන්නේ. ඒ නිසා මම සීඅයිඩියට යෑමට පෙරවත් යෑමෙන් පසුවත් මාධ්‍යයන්ට ඒ ගැන කිව්වේ නෑ. 

මම පිල්ලෙයාන් හමු වුණු බව මාධ්‍ය වලට කියන්න එපා කියලා සීඅයිඩී පරිපාලන ස්ථානාධිපති මගෙන් ඉල්ලීමක් කළා. එතකොටත් මම “බය වෙන්න එපා. මම නීතිඥ ආචාර ධර්ම දන්නවා” කියලා එතුමාට කිව්වා. 

නමුත් ඊ ළඟට සිදු වුණු දේ තමයි පොලිසිය ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනිකරණය වෙලා කියන එකට හොඳම නිදසුන…..

… පිල්ලෙයාන්ගේ ප්‍රකාශයේ තිබුණාය කියලා විවිධ කරුණු සමාජ මාධ්‍ය වල වාර්තා වෙනවා. මීට කලින් සිදුවෙලා තිබෙන්නේ යමක් රටට ප්‍රකාශ කළ යුතු නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියළුම මාධ්‍ය වලට එක පාර කියනවා මිස තමන් තෝරා ගත් මාධ්‍ය වලට විතරක් කියන්නේ නෑ. නමුත් පොලිසිය සහ ආණ්ඩුව විසින් මා පිල්ලෙයාන් හමු වීමට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීම නිසා මාධ්‍ය නිරන්තරයෙන් මගෙන් තොරතුරු විමසන නිසා මට අද මේ මාධ්‍ය හමුව පවත්වන්න සිදු වුණා….”

Continue Reading

පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ යන රියැදුරන්ට දැනුම්දීමක්

Published

on

By

අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ඇල්ලේ සිට වැල්ලවාය දක්වා වූ මාර්ගයේ පස් සහ ගල් පෙරළීමේ අවදානමක් ද මේ වනවිට මතුවී ඇති බවය.

ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙයි.

Continue Reading

පුවත්

සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 50ක් වසා තැබේ

Published

on

By

“සිරි දළදා දැක්ම’ ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරය සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කළාප කාර්යාලය තීරණය කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදීම සිදුවේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved