පුවත්

මැක්ඩොනල්ඩ්ස් අපේ නෙමෙයි – අබාන්ස්

Published

on

මේ වන විට ශ්‍රී ලංකාවේ වසා දමා ඇති ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald’s හි දේශීය නියෝජිතත්වය සිය සමාගම් සමූහය යටතේ නොපවතින්නක් බව අබාන්ස් පීඑල්සී අවධාරණය කරයි.

කොළඹ වානිජ මහාධිකරණය විසින් පසුගියදා ලබා දුන් වාරණ නියෝගයක් ප්‍රකාරව මෙම ජාලයේ මෙරට මෙහෙයුම් මේ වන විට අතිහිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා රැසක් ද පළ විය.

එසේ පළ වූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අබාන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂිකා සරොෂි ඩුබාෂ් මහත්මියගේ අත්සනින් යුත් ලිපියක් කොළඹ කොටස් වෙළඳපොල වෙත යොමු කර තිබේ.

එම ලිපියේ දැක්වෙන්නේ මෙම අවන්හල් ජාලයේ මෙරට නියෝජිතත්වය ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පුද්) සමාගම දරණ බවයි.

ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් හි ප්‍රධාන කොටස්කරුවා වන්නේ එහි සමාගමේ කොටස් 98.73% ක් අයත් රුසි පෙස්ටොන්ජී මහතා බව එහි දැක්වේ. පෙස්ටොන්ජී මහතා අබාන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂවරයා බවද එම නිවේදනයේ දැක්වේ.

කෙසේවුවද, ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පුද්) සමාගම අබාන්ස් පීඑල්සී හෝ එහි මව් සමාගම වන අබාන්ස් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමේ අනුබද්ධ සමාගමක් නොවන බවත් එබැවින් ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් සමාගමේ මූල්‍යමය කටයුතු අබාන්ස් පීඑල්සී හා ඒකාබද්ධ නොවන බවද එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අබාන්ස් පීඑල්සී සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොල වෙත යොමු කර ඇති ලිපිය මෙසේය :

සබැඳි පුවත් :
ලංකාවේ McDonald’s ජාලය වසා දමයි; Abans හි රුසි පෙස්ටන්ජිට වාරණ නියෝගයක් 

Trending

Exit mobile version