පුවත්

රේගුවේ සුනිල් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධූරයට !

Published

on

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් වීමට පෙර ඔහු රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

සුනිල් ජයරත්න මහතා වසර 37 කට වැඩි කාලයක් රෙගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති රේගු විශය සම්බන්ධ ප්‍රවීනයෙකි.

මීට අමතරව ඔහු පසුගිය වසර තුනහමාරක කාලය තුළ මාධ්‍ය ප්‍රකාශකවරයකු වශයෙන් ද කටයුතු කළේය.

සුනිල් ජයරත්න මහතා බ්‍රසීලයේ ලෝක රේගු සංවිධානයේ “ටයිම් රිලීස් ස්ටඩි” නමැති ප්‍රධාන වෙළඳ පහසුකම් සැලසීමේ පියවරක් සඳහා ප්‍රවීණ පුහුණුකරුවෙකු, තාක්ෂණික සහ මෙහෙයුම් උපදේශකවරයෙක් ද වන බව පැවසේ.

තවද ඔහු වෙළඳ පහසුකම් සහ රේගු තක්සේරුව සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සම්පත් දායකයෙකු ලෙස ද දශක දෙකකට අධික කාලයක් සේවය කර තිබේ.

Trending

Exit mobile version