ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (03) පස්වරුවේ පැවසීය.
කිලෝග්‍රෑම් 12.5ක, 5ක හා 2.3ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු වන නිෂ්චිත මුදල හෙට (04) පෙරවරුවේ නිවේදනය කරන බව ලිට්‍රෝ සභාපති – මුදිත පීරිස් මහතා පැවසුවේය.
මේ අතර, ලාෆ්ස් ගෑස් නිෂ්පාදන වල මිලද බදාදා (05) සිට අඩුවන බව එහි ප්‍රකාශකයෙකු පවසා තිබේ.