Connect with us

ව්‍යාපාර

ලුණු ආනයනයට පුද්ගලික අංශයටත් අවසර

Published

on

ලුණු ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දී ඇති බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

වෙළෙඳපොළේ ඇතිවිය හැකි ලුණු හිඟයට හේතුවක් ලෙස කර්මාන්ත අවශ්‍යතා සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

ඒ අනුව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,890 ක් බවයි සඳහන් වේ.

ලුණු නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී රාජ්‍ය අංශයට පමණක් හිමිව තිබූ අවසරය පෞද්ගලික අංශයටද ලුණු ආනයනය සඳහා අවසර ලබා දීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන්ය.

පුවත්

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිලේ සංශෝධනයක්

Published

on

By

මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.

ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනයේ ජුනි මසට අදාලව වෙනස් වීමක් සිදු වූයේ නැත.

ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවයි එම සංස්ථාව විසින් දැනුම් දෙන ලදී.

මේවන විට ඉන්ධන මිල ගණන් පවතින්නේ මෙසේය,

  • ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක්
  • ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක්
  • ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක්
  • සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක
  • භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක්

ඉදිරි කාලයේදී තෙල් මිල ශත 50කින් හෝ අඩු වීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

Continue Reading

ව්‍යාපාර

නිසි තොරතුරු සටහන් නොවන ලුණු පැකට්වලට නීතිමය පියවර

Published

on

By

නිසි තොරතුරු සටහන් නොවන ලුණු පැකට් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ, ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු මෙන්ම සිල්ලර මිල සඳහන් නොවන ලුණු පැකට් වෙළඳපොළට නිකුත් කිරීමට ඇතැම් ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් කටයුතු කර ඇති බවය.

එවැනි නිෂ්පාදන මිලදී ගැනීම හා අලෙවි කිරීම සිදු නොකරන ලෙස, ජනතාවට දැනුම් දෙන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දෙයි.

එම අධිකාරිය විසින් ව්‍යාපාරිකයින්ට දැනුම් දෙන්නේ, භාණ්ඩ සැපයූ ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙසය.

එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ළඟ තබා ගන්නේනම් ඒ සම්බන්ධව ද නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය විසින් සඳහන් කරන ලදී.

Continue Reading

ව්‍යාපාර

බදු නිසා පොතක මිල 20%කින් ඉහළට

Published

on

By

එකතු කළ අගය මත පනවන බදු හෙවත් වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අය කිරීම තුළින් මුද්‍රිත පොතක මිල සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ජාතික පොත් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

ජාතික පොත්  ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සංවත්සරයට එක්වෙමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති  සමන්ත ඉන්දීවර මහතා මේ බව ප්‍රකාශ කළේය.

“20%ක් ඒ කියන්නේ 5න් එකක පaමණ ප්‍රමාණයකින් පොතක මිල වැඩිවෙලා තියෙනවා. නිලධාරීන් පටලවාගෙන ඉන්නවා 15%ක් තිබුණා කලින් වැට් බද්ද ලිපි ද්‍රව්‍ය ආදි සියලුම දේට. නමුත් මුද්‍රිත පොතට තිබුණේ නෑ වැට් බද්දක්. ඒක තමා 0 – 18% කෙලින්ම එකතු වුණේ. ලිපි ද්‍රව්‍යවලට තිබුණේ 3%ක් විතරයි. මේ කාරණා දෙක තමා පටලවාගෙන ඉන්නේ. සුමානෙකට විතර කලින් අපිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිපියක් ඇවිත් තියෙනවා වැට් සම්බන්ධයෙන් ඒ අය යම් විශ්ලේෂණයක් කරගෙන යන ගමන් ඉන්නේ ඉන් පසුව පිළිතුරක් ලබාදෙනවා කියලා.”

ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ අනුශාසක ගාමිණී මොරගොඩ මහතා ද ඒ සම්බන්ධයෙන් මාධ‍්‍යට මෙලෙස අදහස් පළ කළේය.

“ලෝකයේ කිසිම රටක අය කරන්නේ නැති වැට් බද්දක් අපේ පොත් සඳහා අයකරනවා. ලංකාවේ අවුරුදු 75කට තිබුණේ නැති වැට් එකක් 2024 ජනවාරි මාසයේ ඉඳලා අයකිරීම පොත් ව්‍යාපාරයේ විනාශයට හේතුවෙලා. මේක ඉස්සරහටත් තිබුණොත් දරුවෙකුට පොතක් මිලදී ගැනීමට නොහැකි වෙනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved