ලුණු ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දී ඇති බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
වෙළෙඳපොළේ ඇතිවිය හැකි ලුණු හිඟයට හේතුවක් ලෙස කර්මාන්ත අවශ්‍යතා සඳහා ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා පසුගිය දෙසැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.
ඒ අනුව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,890 ක් බවයි සඳහන් වේ.
ලුණු නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී රාජ්‍ය අංශයට පමණක් හිමිව තිබූ අවසරය පෞද්ගලික අංශයටද ලුණු ආනයනය සඳහා අවසර ලබා දීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන්ය.