අද (04) දින ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී, ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයේ සහකාර අමාත්‍ය /අධ්‍යක්ෂ ජනරාල් ඉෂිසුකි හිඩියෝ මහතා හා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සාකච්ඡා පැවැත්විණි.
නව රජය යටතේ පවත්වන ලද ප්‍රථම වරට ජපන්-ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ප්‍රතිපත්ති සංවාදය මෙයයි.
මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ගරු ඉසොමත අකිඕ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ආර්ථික, වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (අන්තර්ජාලය හරහා), ජපන් තානාපති කාර්යාලය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) යන ආයතනවල නියෝජිතයින් ද එක්වූහ.
නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තීරණාත්මක හවුල්කරුවෙකු බව අධ්‍යක්ෂ ජනරාල් ඉෂිසුකි මහතා සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළ අතර, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ විශේෂයෙන් දූෂණයට එරෙහිව සටන් කිරීමට දරණ උත්සාහයන්ට සහාය වෙමින්, ශ්‍රී ලංකාව සමඟ සංවර්ධන සහයෝගීතාව දිගටම පවත්වා ගෙන යාම සදහා වූ තම අරමුණ පැහැදිලි කලේය.
ජපානය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේදී විශ්වාසය නැවත ඇති කිරීම සඳහා දූෂණය තුරන් කිරීම සහ යහපාලනය පූර්ව අවශ්‍යතාවයක් බව තානාපති ඉසොමත මහතා සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළේය.
රටේ තිරසාර සංවර්ධනය සඳහා ජපානය ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරනු ඇති බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ශක්තිමත් කිරීමට මෙන්ම එහි සමාජ ආර්ථික අභියෝග ජය ගැනීමට දැනට ක්‍රියාත්මක යෙන් ණය ව්‍යාපෘති ඇතුළුව, ජපානයේ ශ්‍රී ලංකාව සමඟ අනාගත සංවර්ධන සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.