වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බවත් රට තුළ ගෑස් හිඟයක් ඇති බවට පලවන විවිධ ප්‍රචාර අසත්‍ය බවත් ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසයි.
ඔහු පවසන්නේ මසකට අවශ්‍ය ලාෆ්ස් ගෑස්, ප්‍රමාණවත් පරිදි සිය හම්බන්තොට හා මාබිම පර්යන්තවල රැස්කර ඇති බවය.
තවද ඉදිරියේ දී මිල සංශෝධනයක් කිිිරීමට අවශ්‍ය වුවහොත් එය සිදුකර පාරිභෝගිකයාට එහි වාසිය ලබාදෙන බවත් ඉදිරියේදී ලැබෙන තොග සහ ඩොලරයේ අගය මත එම මිල සංශෝධන සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පසුගියදා ප්‍රකාශ කළේ ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල නැවතත් අඩුකරන බවය.
එය මෑතකදී සිදුකෙරෙන සිව්වන මිල අඩුකිරීම බව ද ඔහු සඳහන් කළේය.