ව්‍යාපාර

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

Published

on

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසයි.

නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම් සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා කිලෝ පන්දහසක් මිල දී ගත යුතු තත්වයක් හටගෙන ඇති බව එම වෙළඳුන් පෙන්වා දෙයි.

ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ පන්දහසක් ලබා ගැනීමට කීරි සම්බා කිලෝ පහලොස්දහසක් මිල දී  ගත යුතු බවය.

පවතිනතත්ත්වය මත සිය වෙළඳසැල්  තුළ  කීරි සම්බා තොග ගොඩ ගැසී ඇති බවද සහල් වෙළඳුන් පවසයි.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රු 230, කීරි සම්බා රු 260 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බවත්, ලාභ පරතරය ප්‍රමාණවත් නොවීමෙන් සහල් අලෙවියෙන් තමන්ට පාඩුවක් සිදු වන බවත් වෙළඳුන් කියා සිටියි.

Trending

Exit mobile version