Connect with us

ව්‍යාපාර

ශ්‍රීලංකන් යළිත් චීනය බලා පියාසර කරයි!

Published

on

චීනය සිය දේශසීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගම 2023 අප්‍රේල් පළමු සතියේ දී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා තුන් වතාවක් වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම්ව සිටියි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛතම වෙළඳපොළක් ලෙස චීනය හැදින්විය හැකි අතර කොවිඩ් වසංගතයට පෙර ශ්‍රීලංකන් හි ප්‍රමුඛතම විවේක සංචාරක ගමනාන්තක් ලෙස ද චීනය හඳුන්වා දිය හැක. ශ්‍රීලංකන් නැවත මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ චීනයේ සිට නැවත සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කරයි.

ශ්‍රීලංකන් 2023 අප්‍රේල් 3 වන දින ෂැංහයි වෙත මගී ගුවන් ගමන් දියත් කරනු ඇත. ඒ අනුව සෑම සඳුදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම කොළඹ සිට ෂැංහයි දක්වා ගුවන් ගමන් පිටත් වන අතර සෑම අඟහරුවාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම පිළිවෙලින් ෂැංහයි සිට කොළඹ බලා පැමිණීමට සැලසුම් කර තිබේ.

කොළඹ සිට බීජිං දක්වා ගුවන් ගමන් ද 2023 අප්‍රේල් 3 වන දින ආරම්භ වන අතර සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල බීජිං බලා පිටත් වීමට නියමිතයි. කොළඹ බලා ආපසු එන ගුවන් ගමන් අදාල දිනවලට පසු දින සිදුවනු ඇත.

ශ්‍රීලංකන් දැනට කොළඹ සහ ගුවැන්ෂු අතර සතිපතා ගුවන් ගමනක් ක්‍රියාත්මක කරන අතර දෙවන ගුවන් ගමන 2023 මාර්තු 4 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තවද, ගුවැන්ෂු වෙත ශ්‍රීලංකන් 2023 අප්‍රේල් 4 වන දින සිට සතියකට ගුවන් මෙහෙයුම් තුනක් එනම් සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම කොළඹ සිට ක්‍රියාත්මක කරනු ඇත. ගුවැන්ෂු සිට කොළඹ දක්වා ආපසු ගුවන් ගමන් සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා ක්‍රියාත්මක වේ.

චීන සංචාරකයින් ගෝලීය සංචාරයේ අහිමි වූ කාලය පිරිමැසීමට උත්සුක වන අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය චීනයේ ජනප්‍රිය විවේක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදීම සඳහා දේශීය සංචාරක වෙළඳපළ සමඟ සමීපව කටයුතු කරනු ඇත. විශේෂයෙන් සකස් කරන ලද නිවාඩු පැකේජ සහ ගනුදෙනු වලට අමතරව, ශ්‍රීලංකන් චීන පාරිභෝගිකයින්ට Alipay සහ WeChat Pay හරහා ගෙවීමේ පහසුව ලබා දෙයි. වැඩි විස්තර සහ වෙන් කිරීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න.

පුවත්

A330 – 200 අලුත්ම ගුවන්යානය දිවයිනට (UPDATE)

Published

on

By

ශ්‍රී ලංකන් ගුවන්  සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ.

ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන් යානය අද (04) උදෑසන දිවයිනට ළඟා වුණි.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය පළමු වරට මෙරට ගුවන්යානා ලෝලීන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙමින් අද උදෑසන කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරන ලදී. එහිදී අඩි 1,500ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා පියාසර කරනු දැකගත හැකිවිය.

එය දැකගැනීමට බොහෝ පිරිසක් ගාලුමුවදොරට එක්ව සිටියහ.


(පෙර පුවත 2025 ජූනි 04 පෙ.ව.7.12 )

ශ්‍රීලන්කන් ගුවන් යනා ඇණියට අද එයාර්බස් A330-200ක් යානයක් එක් වෙයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අලුතින් එකතු වන එයාර්බස් A330-200 (Airbus A330-200) පුළුල් බඳ (wide-body) සහිත ගුවන්යානය අද (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මේ ගුවන් යානය උදෑසන 8.00 සිට 9.00 අතර කාලයේ, අඩි 1,000ක පමණ උසකින් කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයෙහි දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පරිදි පියාසර කිරීමට ද නියමිත බව පැවසේ.

පැරිස් සිට පැමිණෙන මෙම ගුවන්යානය, මෙරට ගුවන්යානා නිරීක්ෂකයන්ට විශේෂ අවස්ථාවක් ලබා දෙමින්, කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරනු ලබන බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.

අනතුරුව ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (BIA) වෙත පැමිණෙන අතර ගොඩබැස්සවීමට පෙර කටුනායක ගුවන්තොටුපොළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කිරීමටත් නියමිත බවත් හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගුදුර හා කෙටිදුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමඟ එකතු වන මෙම ගුවන්යානය පළමු වරට පැමිණීම දැක ගැනීමට ලැබීම ගුවන්යානා ලෝලීන්ට සහ නිරීක්ෂකයන්ට ආකර්ෂණීය අවස්ථාවක් වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Continue Reading

ව්‍යාපාර

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගයට

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ දී සමත්විය.

අද ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වූ අතර මෙය මීට පෙර ඉහළම අගය වූ, 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17,193.8 වාර්තාව බිඳහෙළීමකි. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බැංකු සහා මූල්‍ය සමාගම්වල කොටස් මිල ඉහළ යාම් විශාල වශයෙන් හේතුවුණු අතර එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකුව යන සමාගම්වල කොටස් මිල ඉහළ යාමන් බෙහෙවින් දායක වුණි.

මේ අතර අද දින රු. බිලියන 7.37 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමද විශේෂත්වයකි.

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved