පුවත්

සුළු වේලාවකට අත්හිටවූ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු

Published

on

අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු පෙරවරු 9.51 සිට සුළු වේලාවක් සඳහා අත්හිටුවා තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් මෙලෙස ගණුදෙනු තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව සඳහන්ය.

ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව ඇත.

වැඩිදුරටත් සඳහන් වෙන්නේ S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90ක් ලෙසින් වාර්තා වී ඇති බවය.

කෙසේ නමු‍ත්, මේ වනවිට යළිත් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සිදුකරන බව වාර්තා වේ.

Trending

Exit mobile version