ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීම ( බ්ලූ ටික් වෙරිෆිකේෂන්) මුදල් ගෙවා ලබාගත හැකි බව මෙටා සමාගම නිවේදනය කරයි.
Meta Verified ලෙස හඳුන්වන මෙම ක්‍රමවේදය සඳහා මාසික දායකත්ව මුදලක් ගෙවිය යුතුවේ.
වෙබ් පරිශීලකයින් සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 11.99ක මුදලක් සහ අයි ෆෝන් පරිශීලකයින්ට අමෙරිකානු ඩොලර් 14.99ක මාසික මුදලක් ගෙවා මෙම පහසුකම ලබාගත හැකිය.
ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත පරිශීලකයින් වෙත මෙම පහසුකම ලබන සතියේ සිට හිමිවන අතර ඉන්පසු ක්‍රමක්‍රමයෙන් එය සෙසුු රටවල් වෙත් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.
මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තේ මෙම පියවර සමාජ මාධ්‍ය යෙදුම්වල ආරක්ෂාව සහ අව්‍යාජභාවය වැඩි දියුණු කරන බවයි.
පසුගිය නොවැම්බර් මාසයේදී ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් විසින් ද මුදල් ගෙවීමෙන් මෙම බ්ලූ ටික් සහතිකය ලබාගැනීමට පියවර ගෙන තිබුණි.