Connect with us

ව්‍යාපාර

ෆේස්බුක් – ඉන්ස්ටග්‍රෑම් වලත් Blue Tick මුදලට ගන්න හැකි වෙයි

Published

on

ෆේස්බුක් සහ  ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට තම ගිණුම් සහතික කිරීම ( බ්ලූ ටික් වෙරිෆිකේෂන්) මුදල් ගෙවා ලබාගත හැකි බව මෙටා සමාගම නිවේදනය කරයි.
Meta Verified ලෙස හඳුන්වන මෙම ක්‍රමවේදය සඳහා මාසික දායකත්ව මුදලක් ගෙවිය යුතුවේ.

වෙබ් පරිශීලකයින් සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 11.99ක මුදලක් සහ අයි ෆෝන් පරිශීලකයින්ට අමෙරිකානු ඩොලර් 14.99ක මාසික මුදලක් ගෙවා මෙම පහසුකම ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත පරිශීලකයින් වෙත මෙම පහසුකම ලබන සතියේ සිට හිමිවන අතර ඉන්පසු ක්‍රමක්‍රමයෙන් එය සෙසුු රටවල් වෙත් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තේ මෙම පියවර සමාජ මාධ්‍ය යෙදුම්වල ආරක්ෂාව සහ අව්‍යාජභාවය වැඩි දියුණු කරන බවයි. 

පසුගිය නොවැම්බර් මාසයේදී ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් විසින් ද මුදල් ගෙවීමෙන් මෙම බ්ලූ ටික් සහතිකය ලබාගැනීමට පියවර ගෙන තිබුණි.

ව්‍යාපාර

උද්ධමනයේ වෙනසක්

Published

on

By

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මාර්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

2025 පෙබරවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -3.9% ක් ලෙසිනි.

මාර්තු මාසයේ දී ආහාර උද්ධමනය -1.1% සිට 0.8% දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය පෙබරවාරි මාසයේ දී වාර්තා වූ -6.0% සිට -4.1% ක් දක්වා ඉහළ ගොස් ඇත.

Continue Reading

විදෙස්

ඇමෙරිකාවේ Shein – Temu භාණ්ඩ මිල ඉහළට

Published

on

By

ලබන සතියේ සිට සිය භාණ්ඩ මිල ගණන් වැඩි වන බවට ලොව පුරා අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමේ සිදු කරන චීන සමාගම් දෙකක් වන Shein සහ Temu විසින් ඇමෙරිකානු පාරිභෝගිකයන් හට අනතුරු අඟවා ඇත.

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබුණි.

නිවේදන නිකුත් කරමින් මෙම සමාගම් පවසා ඇත්තේ ගෝලීය වෙළඳ නීති හා තීරු බදු වල පසුගියදා ඇති වූ වෙනස්කම් හේතුවෙන් අප්‍රේල් 25දා සිට සිය භාණ්ඩ වල මිල සංශෝධන ඇතිවනු ඇති බවයි.

අතිශය අඩු මිල ගණන් හේතුවෙන් Shein සහ Temu හි භාණ්ඩ අලෙවිය ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇති අතර මෙරට ද විශාල පිරිසක් එම යෙදවුම් හරහා භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරයි.

Continue Reading

ව්‍යාපාර

ගිනි ගණන් ගිය රත්තරන්

Published

on

By

මේ වන ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයට පැමිණ තිබේ.

ඒ අනුව අද (17) වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක්වූ ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදු ප්‍රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ ඇති බවයි.

ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර අමෙරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීම හා අමෙරිකාව සහ චීනය අතර ඉස්මතුවෙමින් පවතින වෙළෙඳ යුද්ධය ප්‍රධාන ස්ථානයක් ගෙන තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර ගෝලීය රන් මිල ඉහළ යාමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද වාර්තාගත ලෙස අද වන විට ඉහළ ගොස් තිබේ.

ඊයේ (16) දිනයේ දී ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 238,300ක් හා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 259,000ක් ලෙසින් සටහන්ව තිබුණි.

එය අද (17) උදෑසන වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 242,000ක් දක්වාත්, කැරට් 24 ක රන් පවුමක මිල රු. 262,000 ක් දක්වාත් ලෙසින් ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණ ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved