ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සලාකා ට්‍රස්ට් ඉන්වෙස්මන්ට්ස් පුද්ගලික සමාගම ඇතුළු මුදල් හුවමාරු කිරීමට බලපත්‍ර ලබාදී තිබූ පහළොස් දෙනකුගේ ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අළුත් නොකිරීමට තීරණය කර තිබේ.
ඒ 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි 02 වැනිදා මහ බැංකුව විසින් ඔවුන්ට දැනුම් දී ඇති බවද පැවසේ.
ඒ අනුව, පහත ලැයිස්තුවේ නම් සඳහන් සමාගම් සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීමට අවසර නොමැති බවත්, එම සමාගම් සමඟ විදේශ මුදල් මිලදීගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවත් ජනතාව වෙත ශ්‍රී ලංකා මහබැංකුව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
මෙලෙස 2023 වර්ෂය සඳහා මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර අලුත් නොකරන ලද ආයතන පහතින් දැක්වේ :