ව්‍යාපාර

2024දී ඩොලර් මිලියන 50ක පමණ ලාභ අපේක්ෂිතයි – ශ්‍රීලන්කන් ප්‍රධාන විධායක (වීඩියෝ)

Published

on

ලබන වසරේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 50ක පමණ ලාභයක් ලැබිය හැකි වනු ඇතැයි අනුමාන කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටල් මහතා පවසයි.

චයිනා නිවුස් ඒෂියා මාධ්‍ය ආයතනය හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ගුවන් මගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවත්, මේ වසර අග වන විට කොවිඩ් වසංගත සමයට පෙර පැවති ප්‍රමාණය දක්වා වැඩිවනු ඇති බවත්ය.

ලෝකයේ පවතින තත්ත්වයන් එසේම පැවතියහොත් හා වර්ධනය වෙමින් පවතින ලංකාවේ ආර්ථිකය හා යළිත් වරක් මෙරටට පැමිණෙන සංචාරකයන් සමග ලබන වසරේ මිලියන 50ක පමණ ලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

ඉංග්‍රීසි බසින් සිදුකෙරුනු එම සම්මුඛ සාකච්ඡාව මෙසේය :

Trending

Exit mobile version