පුවත්

2024 සිට කුකුළු මස් සහ බිත්තර රටින් ගෙන්න‌ේ නෑ – කෘෂිකර්ම ඇමති

Published

on

ලබන වසරේ (2024) සිට මෙරටට කුකුළු මස් සහ බිත්තර ආනයනය නොකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදීය. 

මෙරට නිපදවන කුකුළු මස් සහ බිත්තර දැනට මාලදිවයිනට අපනයනය කෙරෙන බවද ඔහු කියා සිටියේය.

මෙරට බිත්තර සහ කුකුළු මස් මිල කෘත්‍රිම ලෙස උත්සව සමයේදී ඉහළ දමා තිබෙන බවට ද ඔහු චෝදනා කළ‌ේය.

අද (12) සමස්ත ලංකා බිත්තර තොග ‌වෙළඳ සංගමයේ බිත්තර තොග විකුණුම් මිල ලෙස මිල ප්‍රකාශයට පත්කර ඇත්තේ සුදු බිත්තර, හා රතු බිත්තර එකක් රුපියල් 60ක් වශයෙනි.

මේ අතර, මෙරට බිත්තර සහ කුකුළු මස් අපනයනය කළහැකි තවත් රටවල් ඇත්දැයි සොයා බලන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරින්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

සබඳි පුවත්
නලින් ඉන්දියන් බිත්තර නොගෙන්වූ වංගුව වෙළඳ පොළේ බිත්තරේ ආයෙත් 60යි

Trending

Exit mobile version