Connect with us

ව්‍යාපාර

30දා කොටස් වෙළෙඳපොළත් නිවාඩු

Published

on

එළැඹෙන සිකුරාදා දිනය (ජුනි 30දා) දිනය රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර, රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

පුවත්

වෙසක් වෙනුවෙන් බඩු මිල පහලට

Published

on

By

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

Continue Reading

පුවත්

ධීවරයින්ට හදිසි දැනුම්දීමක්

Published

on

By

අද (22)  දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව පැවසීය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනයත් දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්තාවීමත් සමග එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

එසේම මේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව එහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

ව්‍යාපාර

වාහන ආනයනය ගැන තීරණයක්

Published

on

By

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බවය.

මේ වනවිට මෙරට සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 5.5ක ප්‍රමාණයක් ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

“වාහන ආනයනය කිරීම සම්බන්ධව… අපිට රටේ ඇති වුණ ප්‍රශ්නය විසඳගන්න, එක ඩොලර් එකක්වත් අපි ළඟ නැති තත්ත්වයකට පත් වුණානේ.  ඒ නිසා අපිට ආනයනයන් දෙදාහක් නවත්තන්න වුණා. එච්එස් කෝඩ් 2000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අපි දැන් අනිත් සියල්ලම විවෘත කළා. දැන් ඉතුරුවෙලා තියෙන්නේ වාහන පමණයි. ඒවත් අවශ්‍යතාවය මත ගේන්න ඉඩ දෙනවා. සංචාරක කර්මාන්තයට අපි වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. අවශ්‍ය පරිදි වාහන ගේන්න අනුමැතියක් ඇතිව. එකෙන් දෙන පණිවූඩය මොකක්ද? අපිට මේක වහගෙන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට අවශ්‍යයි රට නැවත අර වාගේ හිරවෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න. දැන් අපි ඩොලර් බිලයන 5.5ක සංචිතයක් තියාගෙන ඉන්නවා. අපිට ගැලපෙන පරිදි, රටේ අවශ්‍යතාවය පරිදි, ඒක කරන්න අපි සූදානම්.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved