පුවත්

Fab ලොක්කන්ට නඩු දායි!

Published

on

සීනි මට්ටම දැක්වෙන වර්ණ සංකේත ඇතුළු සංඝටක සඳහන් නොකර ආහාර විකිණීමට ඉදිරිපත් කරන ලදැයි ප්‍රධාන පෙළේ කෙටි ආහාර වෙළෙඳසල් ජාලයක් පවත්වාගෙන යන ෆැබ් ‍ෆුඩ් සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අධිකරණය හමුවේ ඊයේ (17) නඩුවක් පවරන ලදී.

ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඩබ්ලිව්.ජී.සී. ධනංජය ගමගේ මහතා විසින් චෝදනා 5ක් යටතේ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස රත්මලාන, අත්තිඩිය පාරේ පිහිටි අදාළ ආහාර අලෙවි කරන සමාගම, එහි අධ්‍යක්ෂවරුන් වන නොම්බර 474/ඒ, ගාලුපාර, කොළඹ 03 යන ලිපිනයේ පදිංචි උපාලි ගෝඨාභය මදනායක, හිරුන් අර්ජුන සුරේන් මදනායක, නන්දනී චන්ද්‍රලතා මදනායක, රෝෂණී දේවිකා මදනායක යන අය ද නොම්බර 476/10,  ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයේ පදිංචි ඩිලානි ටමාරා විජේසේකර, බ්‍රැන්ඩිගම්පොළගේ දිමිත්‍රි රාහුල් පෙරේරා, බ්‍රැන්ඩිගම්පොළගේ හේමන්ත වසන්ත පෙරේරා යන අය නම් කර තිබිණි.

ශ්‍රී ලංකාව තුළ වූ ඇසුරුම්කරුගේ හෝ බෙදාහරින්නාගේ නම සහ ලිපිනය කුමන හෝ රාමුවක නොදැක්වෙන ‘මික්ස්ෆෘට් ජූස්’ නමැති ආහාර විකිණීමට ඉදිරිපත් කිරීම, එම ආහාරය සම්බන්ධයෙන් විස්තර ප්‍රකාශ දැක්වෙන ලේබලයක් ඇසුරුමේ පැහැදිලිව හා ප්‍රකටව විදහා නොදක්වා එය විකිණීමට ඉදිරිපත් කිරීම, අඩංගු සංඝටකවල සම්පූර්ණ ලැයිස්තුවක් ඉදිරිපත් නොකිරීම, සීනි මට්ටම් සඳහා වර්ණ සංකේතවත් කර නොමැති ආහාරය විකිණීමට ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ අංක බී 22740/05 යටතේ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

Trending

Exit mobile version