Onmax DT පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (02) අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කරන ලදී.
පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින Onmax DT සමාගමේ අධ්‍යක්ෂවරුන් 04දෙනා ද අධිකරණයේ පෙනී සිටියහ.
මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා aදාල නියෝගය ලබා දුන්නේය.