Connect with us

ව්‍යාපාර

සතොසට කන්ටේනර් 48කම කන්න බැරි හාල් ගෙන්නලා! 

Published

on

මේ වසරේ (2022) ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා වූ කාලය තුළදී සතොස විසින් ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48 ක තිබූ සහල් විශාල තොගයක් පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයක පවතින බව අනාවරණය වේ.

මෙම කන්ටේනර්වල තිබූ සහල් කිලෝග්‍රෑම් එක් ලක්ෂ පනස් හය දහසක (1,560,00) තොගයක් මෙලෙස විනාශ වීම හේතුවෙන් ඒවා අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද සතොස ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආනයනය කරන ලද මෙම සහල් තොග අනුරාධපුර, කුරුණෑගල, වැලිසර සහ රත්මලාන යන තොග ගබඩා සංකීර්ණවල ගබඩා කර ඇත.

සුදු නාඩු, සම්බා, කීරි සම්බා, සුපිරි සම්බා, බාස්මතී ආදී සහල් තොග මෙලෙස භාවිතයට ගත නොහැකි තත්ත්වයක පවතින බව අනාවරණය වේ.

දිලීර ආසාදන, පණු කැදලි සෑදී තිබීම, කුරුමිණියන් විසින් සහල් විනාශ කර තිබීම ආදී කාරණා මත මෙම සහල් තොග පාරිභෝජනයට ගත නොහැකි තත්ත්වයක පවතින බව සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ඇතැම් සහල් බහාලුම් ආනයනයේදීම ඒවාට හානි වී තිබූ බවය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

සියලු මුදල් හුවමාරු මධ්‍යස්ථාන මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්යයි

Published

on

By

සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචි වීම සහ අධීක්‍ෂණය අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 ජුනි 03 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මේ නියෝග බලපැවැත්වෙන බව මහ බැංකුව කියයි.

මහ බැංකුව සඳහන් කරන්නේ මෙමගින් දැනට ලියාපදිංචි නොකළ හෝ බලපත්‍ර නොමැති මෙකී සේවා සපයන්නන් හට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමටත්, විධිමත් මාර්ග හරහා මුදල් පැවරීමේ සේවා ව්‍යාපාරයේ නිරත වීමටත් අවස්ථාව සැලසෙන බවය.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2005 අංක 28 දරන ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනතේ විධිවිධාන යටතේ 2024 අප්‍රේල් 20 දිනැති 2024 අංක 01 දරන මුදල් හෝ වටිනාකම් පැවරීමේ සේවා සපයන්නන් සඳහා වන නියෝග නිකුත් කළ බවද මහ බැංකුව තවදුරටත් පවසයි.

Continue Reading

පුවත්

බොරතෙල් මිල ඉහළට

Published

on

By

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබේ.

ඒ අනුව ඊයේ (13) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 සීමාව ඉක්මවා තිබූ බවයි වාර්තා වේ.

එය මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස දැක්වෙයි.

Continue Reading

පුවත්

ඩොලර් ට්‍රිලියනයක වටිනාකමක් ඇති ලොව පළමු ගෝලීය සන්නාමය

Published

on

By

ලොව පළමු වරට ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ සන්නාමය බවට Apple සමත්ව තිබේ.

ඒ බව ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar’s BrandZ ඊයේ (12) දින නිවේදනය කලේය.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට ඩොලර් බිලියන 753 ක වටිනාකමකට හිමිකම් කියන Google සන්නාමය සහ තෙවන ස්ථානයට ඩොලර් බිලියන 712 ක සන්නාම වටිනාකමකට හිමිකම් කියන Microsoft සන්නාමය සමත්ව තිබේ.

2024 වසරේ දී ලොව ඉහළම වටිනාකමට හිමිකම් කියනු ලබන ගෝලීය සන්නාමය බවට ඇපල් පත්ව ඇත්තේ අඛණ්ඩව තෙවන වරට වීම විශේෂත්වයකි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved