ලබන සතියේ සිට සිය භාණ්ඩ මිල ගණන් වැඩි වන බවට ලොව පුරා අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමේ සිදු කරන චීන සමාගම් දෙකක් වන Shein සහ Temu විසින් ඇමෙරිකානු පාරිභෝගිකයන් හට අනතුරු අඟවා ඇත.
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබුණි.
නිවේදන නිකුත් කරමින් මෙම සමාගම් පවසා ඇත්තේ ගෝලීය වෙළඳ නීති හා තීරු බදු වල පසුගියදා ඇති වූ වෙනස්කම් හේතුවෙන් අප්‍රේල් 25දා සිට සිය භාණ්ඩ වල මිල සංශෝධන ඇතිවනු ඇති බවයි.
අතිශය අඩු මිල ගණන් හේතුවෙන් Shein සහ Temu හි භාණ්ඩ අලෙවිය ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇති අතර මෙරට ද විශාල පිරිසක් එම යෙදවුම් හරහා භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරයි.