පුවත්

Street Foods වෙළඳසැල් ඉවත් කිරීම තාවකාලිකව ඇනහිටියි!

Published

on

කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි  වීථි ආහාර (Street Foods) වෙළඳ සැල් ඉවත්කිරීමට ගත් තීරණය මාර්ග සංවර්ධන අධිකාරිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා සඳහන් කරයි.

වර්ග අඩි හත්දහසක් පුරා පැතිර ඇති මෙම ස්ථානයේ වෙළඳසැල් 33 ක් පමණ පවතින අතර, ඒ හරහා පවුල් 150කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකරගන්නා බව පැවසේ.

කෙසේ වෙතත් මෙම වෙළඳසැල් හිමියන් ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේ තම වෙළඳසැල් දින තුනක් තුළ එනම් ලබන 24 වැනිදා වන විට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මීට පෙර ලිඛිතව දැනුම්දී ඇති බවයි.

මෙම වෙළඳ සැලවල් ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු යොදමින් සිටින බවට මුලින්ම එළිකරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් විසිනි.

සබැඳි පුවත්
කිඹුලාවල Street Foods වෙළඳසැල් වලට බැටේ දුන්නේ බන්දුල?

Trending

Exit mobile version