එකතු කළ අගය මත බදු (VAT) පනත සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් පසුගිය ජුනි 05දා කැබිනට් රැස්වීමේදී හිමිවූ අනුමැතිය අනුව සකස් කළ පනත් කෙටුම්පතට නීතිපති නිශ්කාශනය හිමිවී ඇත.
ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (අගෝස්තු 28) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සහ 2024.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීම සඳහා 2023.06.05 දින පැවැති ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබුණි.