බිඳවැටී තිබූ WhatsApp සමාජ ජාලය මේ වනවිට යථා තත්ත්වයට පත්වී තිබේ.
________________(පෙර පුවත 2022.10.25, ප.ව.1.45)________________
WhatsApp බිඳ වැටෙයි
වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ගැටළුව හැකි ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන බවට වට්ස්ඇප් මෘදුකාංගය අයත් මෙටා සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මේ හේතුව වට්සැප් පරිශීලකයින්ට පණිවිඩ හුවමාරු කරගැනීමට බලපා ඇති බවත්, ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් මෙය වාර්තා වන බවත් විදෙස් වාර්තා තවදුරටත් වාර්තා කර සිටියි.