Connect with us

කලා

සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු සෙනසුරාදා (Update)

Published

on

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ගේ අවසන් කටයුතු ජනවාරි 21දා පැවැත්වීමට නියමිතය.

පීරිස් මහත්මියගේ දේහය ගවර් වීදිය, කොළඹ 05 හි පිහිටි ඇගේ සොයුරියගේ නිවසේ තැන්පත් කරනු  ඇත.

*****

(පෙරපුවත : 2023 ජනවාරි 19, පෙ.ව. 10:06)

ආචාර්ය සුමිත්‍රා පීරිස් මියයයි!

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.

ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳයි.

කලා

රජිනිකාන්ත් රෝහල්ගත කරයි

Published

on

By

සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුල් තර ඇතැයි වාර්තා වේ.

උදරයේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේදී ඔහුව රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

73 හැවිරිදි රජිනිකාන්ත් ගේ තත්ත්වය මේ වන විට යහපත් බවද එහ වාර්තා සඳහන් කරයි.

Continue Reading

කලා

සුපිරි බොලිවුඩ් නළු ගෝවින්දා වෙඩි වැදී රෝහල්ගත කරයි

Published

on

By

සිය පාදයට අත්වැරදීමකින් වෙඩි වැදීම හේතුවෙන් ජනප්‍රිය බොලිවුඩ් නළු ගෝවින්දා රෝහල් ගත කර තිබේ.

අද (01) උදෑසන කල්කටා නුවර වෙත යාමට සූදානම් වන අවස්ථාවේදී සිය නීත්‍යානුකූල රිවෝල්වරය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඔහුගේම පාදයට වෙඩි වැදී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ඔහුට වෙඩි වැදී තිබුණේ දණහිසට අඟල් දෙකක් පමණ පහලිනි.

වෛද්‍යවරුන් විසින් වෙඩි උණ්ඩය පිටතට ගෙන ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහුගේ වෛද්‍යවරයා විසින් මාධ්‍යයට පවසා ඇත.

Continue Reading

කලා

ප්‍රොෆෙසර් මැක්ගොනගල් දිවි රඟමඬලෙන් සමුගනී

Published

on

By

බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පිණියක් වන ඩේම් මැගී ස්මිත් මහත්මිය දිවියෙන් සමුගෙන තිබේ.

අද (27) දිනයේදී රෝහලේදී ඇය මෙලොවින් සමුගත් බව ඇගේ පවුලේ සාමාජිකයන් පවසයි.

මිය යන විට ස්මිත් මහත්මිය 89 වියේ පසුවිය.

දශක කිහිපයක් පුරාවටම රිදී තිරයේ මෙන්ම වේදිකාවේ සිය දස්කම් දැක්වූ, ඇය වඩාත්ම ජනප්‍රිය වූයේ හැරී පොටර් චිත්‍රපට මාලාවේ මහාචාර්ය මැක්ගොනගල් හා ඩවුන්ටවුන් ඇබී කතා මාලාවේ වයලට් ක්‍රෝලි ලෙසත්ය.

ඇය ඔස්කා සම්මාන දෙකක් මෙන්ම බැෆ්ටා සම්මාන 08ක් ද දිනාගැනීමට සමත් විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved