Connect with us

කලා

ජනප්‍රිය ඉන්දීය ගායක පන්කජ් උද්හාස් ගේ හඬ නිහඬ වේ

Published

on

ජනප්‍රිය ඉන්දීය ගායක පන්කජ් උද්හාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු මිය යන විට 72 වියේ පසුවිය.

කලක් පුරාවට රෝගාතුර වී සිටි එම මහතා, අද (26) පෙ.ව. 11.00ට පමණ අවසන් සුසුම් හෙළු බවත් ඔහුගේ අවසන් කටයුතු හෙට දිනයේදී පැවැත්වීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ගසල් ගීත, චිත්‍රපට ගීත ඇතුළු අමරණීය ගීත රැසක් ලොවට තිළිණ කළ ඔහු, පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවෙකි.

පන්කජ් මහතාට සොහොයුරන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ද ගායකයන් වේ.  

කලා

රජිනිකාන්ත් රෝහල්ගත කරයි

Published

on

By

සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුල් තර ඇතැයි වාර්තා වේ.

උදරයේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේදී ඔහුව රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

73 හැවිරිදි රජිනිකාන්ත් ගේ තත්ත්වය මේ වන විට යහපත් බවද එහ වාර්තා සඳහන් කරයි.

Continue Reading

කලා

සුපිරි බොලිවුඩ් නළු ගෝවින්දා වෙඩි වැදී රෝහල්ගත කරයි

Published

on

By

සිය පාදයට අත්වැරදීමකින් වෙඩි වැදීම හේතුවෙන් ජනප්‍රිය බොලිවුඩ් නළු ගෝවින්දා රෝහල් ගත කර තිබේ.

අද (01) උදෑසන කල්කටා නුවර වෙත යාමට සූදානම් වන අවස්ථාවේදී සිය නීත්‍යානුකූල රිවෝල්වරය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඔහුගේම පාදයට වෙඩි වැදී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ඔහුට වෙඩි වැදී තිබුණේ දණහිසට අඟල් දෙකක් පමණ පහලිනි.

වෛද්‍යවරුන් විසින් වෙඩි උණ්ඩය පිටතට ගෙන ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහුගේ වෛද්‍යවරයා විසින් මාධ්‍යයට පවසා ඇත.

Continue Reading

කලා

ප්‍රොෆෙසර් මැක්ගොනගල් දිවි රඟමඬලෙන් සමුගනී

Published

on

By

බ්‍රිතාන්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පිණියක් වන ඩේම් මැගී ස්මිත් මහත්මිය දිවියෙන් සමුගෙන තිබේ.

අද (27) දිනයේදී රෝහලේදී ඇය මෙලොවින් සමුගත් බව ඇගේ පවුලේ සාමාජිකයන් පවසයි.

මිය යන විට ස්මිත් මහත්මිය 89 වියේ පසුවිය.

දශක කිහිපයක් පුරාවටම රිදී තිරයේ මෙන්ම වේදිකාවේ සිය දස්කම් දැක්වූ, ඇය වඩාත්ම ජනප්‍රිය වූයේ හැරී පොටර් චිත්‍රපට මාලාවේ මහාචාර්ය මැක්ගොනගල් හා ඩවුන්ටවුන් ඇබී කතා මාලාවේ වයලට් ක්‍රෝලි ලෙසත්ය.

ඇය ඔස්කා සම්මාන දෙකක් මෙන්ම බැෆ්ටා සම්මාන 08ක් ද දිනාගැනීමට සමත් විය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved