කලා

ජනප්‍රිය ඉන්දීය ගායක පන්කජ් උද්හාස් ගේ හඬ නිහඬ වේ

Published

on

ජනප්‍රිය ඉන්දීය ගායක පන්කජ් උද්හාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු මිය යන විට 72 වියේ පසුවිය.

කලක් පුරාවට රෝගාතුර වී සිටි එම මහතා, අද (26) පෙ.ව. 11.00ට පමණ අවසන් සුසුම් හෙළු බවත් ඔහුගේ අවසන් කටයුතු හෙට දිනයේදී පැවැත්වීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ගසල් ගීත, චිත්‍රපට ගීත ඇතුළු අමරණීය ගීත රැසක් ලොවට තිළිණ කළ ඔහු, පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවෙකි.

පන්කජ් මහතාට සොහොයුරන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ද ගායකයන් වේ.  

Trending

Exit mobile version