දළුගම සරසවි චිත්‍රාගාරයේ, ජනවාරි 27 වැනිදා සිට 29 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර සිනමා උළෙල නොවැළැක්විය හැකි හේතුවක් මත එළැඹෙන මාර්තු මස දක්වා කල්තබා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් ජාතික චිත්‍රපට සංස්ථාව සඳහන් කරන්නේ, නියමිත දිනට උළෙල පැවැත්වීමට නොහැකි වීම පිළිබඳව කණගාටු වන බවය.
මෙම සංවත්සර සිනමා උළෙල සංවිධානය කර තිබුණේ, ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් පිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 ක් පිරීමට සමගාමීවය.
ඒ අනුව, චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ජනවාරි 14 වැනිදා සිට ජනවාරි 19 වැනිදා දක්වා සිනමාපට 6ක් තිරගත කෙරුණි
සබැඳි පුවත්