ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ දකුණු කොරියාවේ පැරසයිට් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණපෙවූ රංගන ශිල්පී Lee Sun-kyun මහතාගේ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මියයන විට 48 වියේ පසුවූ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ දේහය සෝල් අගනුවර නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී හමුවී ඇත.
මෙය දිවිනසාගැනීමක්ද යන්න තවමත් තහවුරු වී නැති නමුත්, ලී මහතා සිය නිවසෙන් පිටත් වී ඇත්තේ ලිපියක් ලියාතැබීමෙන් අනතුරුව යැයි වාර්තා වූ බව එරට පොලිසිය පවසා තිබේ.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පසුගිය ඔක්තෝබරයේ සිට පරීක්ෂණයක්ද ආරම්භ විය.