කලා

බන්ධනාගාර රැඳවුවන්ගේ “ලලිත සිරසර-2“ ප්‍රසංගය අද

Published

on

බන්ධනාගාර රැඳවුවන් සතු කලා කුසලතා ඔප් නැංවෙන ‘ලලිත සිරසර-2’ විවිධ ප්‍රසංගය අද (10) පස්වරු 6.45 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ.

මෙම ප්‍රසංගය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ වැලිකඩ සිරකරු සුබසාධක සංගමය එක්ව සංවිධානය කර ඇත.

විවිධ ප්‍රසංගය සඳහා බන්ධනාගාර 28ක රැඳවුවන් 130ක් පමණ එක්ව සිටී. රැඳවුවන් තම නර්තන ,ගායන,වාදන ඇතුළු කලා හැකියාවන් එළි දක්වන මෙම ප්‍රසංගය සඳහා බන්ධනාගාර නිළධාරින් 45 දෙනකුද විවිධ අංග සඳහා එක්ව සිටියි. සිරකරුවන් සතු කලා කුසලතා බන්ධනාගාරයකින් පිටත ප්‍රේක්ෂකයා වෙනුවෙන් පවත්වන ලෝකයේ පළමු ප්‍රසංගය ලෙස ‘ලලිත සිරසර’ ලෝක වාර්තා පොතට එක්වනු ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරයි.

‘ලලිත සිරසර-2’ ප්‍රසංගයේ රැඳවුවන් සඳහා යුග ගායනයෙන් ප්‍රවීණ ගායන ශිල්පීන්වන කීර්ති පැස්කුවල් සහ සමිතා මුදුන්කොටුව මහත්ම මහත්මීන් දායක වේ.

බන්ධනාගාර නේවාසික සංගීත කණ්ඩායම මෙම ප්‍රසංගය සංගීතවත් කරන අතර නර්තන අංශයට උපදේශිකා නදීකා පෙරේරා මහත්මියද බටහිර නර්තන අංශයට සුපුන් අබේසිංහ, දිල්ෂි ශ්‍යාමා සහ ස්ටෙ‍ෆ්නි සිරිවර්ධන මහත්ම මහත්මීන්ද ,නාට්‍ය ගී අංශය ප්‍රවීන නාට්‍ය ශිල්පී සනත් විමලසිරි සහ ශිල්පිනී උමාලි තිලකරත්න මහත්ම මහත්මීන්ද ,තාල වාද්‍ය අංශයට රඛිත වික්‍රමරත්න මහතාද ,බටහිර ගීත පුහුණවෙන් ගායිකා අශාන්ති ද අල්විස් මහත්මිය සහ අංගම්පොර අංශයෙන් සඳුන් ප්‍රනාන්දු මහතතාද සම්පත් දායකත්වයෙන් එක්වෙයි.

Trending

Exit mobile version