Connect with us

කලා

බීට්ල්ස් අවසන් ගීය නොවැම්බර් 2දා එළිදකී

Published

on

ලොවපුරා සුවහසක් සංගීත ලෝලීන් අමන්දානන්දනයට පත් කළ ‘බීට්ල්ස්’ සංගීත කණ්ඩායම විසිර ගොස් අඩසියවසකට පසුව සිය ‘අවසන් ගීතයේ’ එළිදැක්වීම නිවේදනය කර ඇත.

Now And Then ලෙස නම් කර ඇති මෙම ගීතය නොවැම්බර් 02දා ග්‍රිනීච් වේලාවෙන් පස්වරු 2.00ට එළිදැක්වීමට නියමිතය.

මෙම ගීතය ලියා ඇත්තේ ජෝන් ලෙනන් විසිනි. ඒ, ‘බීට්ල්ස්’ සංගීත කණ්ඩායම විසිර යාමෙන් අනතුරුවයි.

1980 දී වෙඩි තැබීමකට ලක්වූ ජෝන් ලෙනන් ගේ මරණයෙන් පසුව ඔහුගේ වැන්දඹුව වන යොකෝ ඔනෝ විසින් මෙම ගීතය ශ්‍රීමත් පෝල් මැකාට්නි වෙත ලබාදී තිබුණි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ කෘතිම බුද්ධිය තාක්ෂණය මගින් 1970 දශකයේ පටිගතකිරීම් වලින් මෙම ගීතයට ජෝන් ලෙනන් ගේ හඬද මුසු කර තිබීමයි.

කලා

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතා මියුරු ගීත තනු සිය ගණනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 94 හැවිරිදි වියේ පසුවිය.

ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමගය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

Continue Reading

කලා

කාන් හි ලෝක සිනමා උළෙලේදී ලාංකේයත්වය සනිටුවන් කල “ශේෂ”

Published

on

By

” 2024 ලෝක “Cannes” සම්මාන උළෙලේදී BEST DANCE FILM අංශයේ සම්මානය දිනගෙන තිබේ.

හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකගේ නිර්මාණයකි.

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි.

මෙම සිනමා නිර්මාණයේ,

සංගීතය : ගයත්‍රී කේමදාස
සංස්කරණය : හරිත බැද්දගේ
නිෂ්පාදන කළමනාකරු : රවිඳු ප්‍රගීත්
කැමරාකරණය : චින්තක බණ්ඩාර / නිරෝෂන් කොඩිප්පිලි
අංග රචනය : ශානක විරාජ් දසනායක
නර්තන අධ්‍යක්ෂණය :රවිබන්දු විද්‍යාපති
කළා අධ්‍යක්ෂණය : දිනේෂ් ජයශාන්ත
නිෂ්පාදනය : CINEIZU Production
නිශ්චල චායාරූප : ලහිරු කස්තුරිආරච්චි
සහය අධ්‍යක්ෂණය :අමිල මදුරංග , තාරුක ගනේගොඩ
සිනමා රචනය : සමන්ත කුමාර ගමගේ
අධ්‍යක්ෂණය: ඉසුරු ගුණතිලක

රංගන දායකත්වය :
චන්දන වික්‍රමසිංහ , උමාලි තිලකරත්න , යොහාන් ජේස් , මල්කාන්ති ජයසිංහ, සමන්ත කුමාර ගමගේ, නලින් ප්‍රදීප් උඩවෙල , තිලින ඩි සිල්වා , පහන්දී වල්පිට, රදින් දන්දිව් ,සමීර ලක්ෂාන් , ජයන්ත මුතුතන්ත්‍රි 

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved