ලොවපුරා සුවහසක් සංගීත ලෝලීන් අමන්දානන්දනයට පත් කළ ‘බීට්ල්ස්’ සංගීත කණ්ඩායම විසිර ගොස් අඩසියවසකට පසුව සිය ‘අවසන් ගීතයේ’ එළිදැක්වීම නිවේදනය කර ඇත.
Now And Then ලෙස නම් කර ඇති මෙම ගීතය නොවැම්බර් 02දා ග්‍රිනීච් වේලාවෙන් පස්වරු 2.00ට එළිදැක්වීමට නියමිතය.
මෙම ගීතය ලියා ඇත්තේ ජෝන් ලෙනන් විසිනි. ඒ, ‘බීට්ල්ස්’ සංගීත කණ්ඩායම විසිර යාමෙන් අනතුරුවයි.
1980 දී වෙඩි තැබීමකට ලක්වූ ජෝන් ලෙනන් ගේ මරණයෙන් පසුව ඔහුගේ වැන්දඹුව වන යොකෝ ඔනෝ විසින් මෙම ගීතය ශ්‍රීමත් පෝල් මැකාට්නි වෙත ලබාදී තිබුණි.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ කෘතිම බුද්ධිය තාක්ෂණය මගින් 1970 දශකයේ පටිගතකිරීම් වලින් මෙම ගීතයට ජෝන් ලෙනන් ගේ හඬද මුසු කර තිබීමයි.