කලා

විජේ රංගනයට විරාමයක් දෙන්න යයි?

Published

on

දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන විජේ සිය රංගන දිවයට වසර 3ක විරාමයක් ලබා දීමට සූදානම් වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ මීළඟ චිත්‍රපටය වන Thalapathy 68 චිත්‍රපටයේ රූගතකිරීම් ඇතුළු වැඩකටයුතු වලින් පසුව ඔහු මෙලෙස විරාමයක් ගැනීමට නියමිත බව එම වාර්තා වල දැක්වේ.

2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සඳහා සිය අවධානය යොමු කිරීමට මෙම තීන්දුව ගනු ඇතැයි පැවසේ.

කෙසේවෙතත්, විජේ දේශපාලනයට පිවිසෙන්නේ දැයි යන්න පිළිබඳව මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර නොමැත.

මේ වන විට දමිළ චිත්‍රපට 65කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී ඇති විජේ, දකුණු ඉන්දීය සිනමාවේ වැඩිම ආදායම් ලාභී නළුවන් අතර සිටියි.

(මූලාශ්‍රය : ටයිම්ස් ඔෆ් ඉන්ඩියා)

Trending

Exit mobile version