Connect with us

කලා

සාහිත්‍යය සඳහා මෙවර නොබෙල් ත්‍යාගය, නෝර්වේජියානු ජාතිකයෙකුට

Published

on

2023 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය නෝර්වේජියානු ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක් හා කවියෙකු වන ජොන් ෆොස් වෙත පිරිනමා තිබේ.

ත්‍යාගයට අමතරව ඔහුට ස්විඩිෂ් ක්‍රෝනර් මිලියන 11ක මුදල් ත්‍යාගයක් ද හිමිවේ.

64 හැවිරිදි ෆොස් ගේ කෘති අතරට “සෙප්ටොලාජි” කෘති මාලාව, “අලිස් ඇට් ද ෆයර්” හා “අ ෂයිනිං” අයත් වේ.

1959 නෝර්වේ හි උපත ලැබූ ෆොස්, අනතුරකින් සිය දිවිගලවාගෙන තිබුණේ සත් වියේ දරුවෙකු ලෙස සිටියදීය. පසුකාලීන්ව ඔහු පවසා තිබුණේ තමා කලාකරුවෙකු බවට පත් කළ, ළමාවියේ වැදගත්ම අත්දැකීම මෙය බවයි.

කලා

ජැකී චෑන්ගේ පැන්ඩා ප්ලෑන් එළිදකියි (වීඩියෝ)

Published

on

By

සුපිරි සිනමා තරුවක් වන ජැකී චෑන් ගේ නවතම චිත්‍රපටය පසුගියදා චීනයේ බෙයිජිං අගනුවරදී එක්දැක්වුණි.

‘පැන්ඩා ප්ලෑන්’ නම් මෙම චිත්‍රපටය, පැන්ඩා සතෙකු බේරාගැනීමට අපරාධ කල්ලියක් හා සටන් වැදෙන ජාත්‍යන්තර කුංෆු තරුවක් පිළිබඳ කතා පුවතකි.

මෙහිදී අදහස් දැක්වූ ජැකී චෑන් පවසා ඇත්තේ මේ චිත්‍රපටිය සමග, ලොව පුරා සිටින තවත් දරුවන්  පැන්ඩාවන් පිළිබඳව දැනගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

Continue Reading

කලා

අශේන් පාර්ලිමේන්තු මැතිවරණයට

Published

on

By

යූටියුබ් අවකාශයේ  සහ සමාජ මාධ්‍යජාලවල ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙකු වන අශේන් සේනාරත්න පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, එළඹෙන මහ මැතිවරණයේදී ඔහු කොළඹින් තරඟ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

ව්‍යවසායකයෙකු  ලෙස මෙන්ම, සමාජ සේවා සම්බන්ධ නිර්මාණශීලී වීඩියෝ ඉදිරිපත් කිරීම තුළින් අශේන් බොහෝ පිරිසක් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ.

Continue Reading

කලා

රජිනිකාන්ත් රෝහල්ගත කරයි

Published

on

By

සුපිරි ඉන්දීය නළු රජිනිකාන්ත් චෙන්නායි හි ඇපොලෝ රෝහලට ඇතුල් තර ඇතැයි වාර්තා වේ.

උදරයේ ඇතිවූ අසනීපයක් හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේදී ඔහුව රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

73 හැවිරිදි රජිනිකාන්ත් ගේ තත්ත්වය මේ වන විට යහපත් බවද එහ වාර්තා සඳහන් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved