2023 සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය නෝර්වේජියානු ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක් හා කවියෙකු වන ජොන් ෆොස් වෙත පිරිනමා තිබේ.
ත්‍යාගයට අමතරව ඔහුට ස්විඩිෂ් ක්‍රෝනර් මිලියන 11ක මුදල් ත්‍යාගයක් ද හිමිවේ.
64 හැවිරිදි ෆොස් ගේ කෘති අතරට “සෙප්ටොලාජි” කෘති මාලාව, “අලිස් ඇට් ද ෆයර්” හා “අ ෂයිනිං” අයත් වේ.
1959 නෝර්වේ හි උපත ලැබූ ෆොස්, අනතුරකින් සිය දිවිගලවාගෙන තිබුණේ සත් වියේ දරුවෙකු ලෙස සිටියදීය. පසුකාලීන්ව ඔහු පවසා තිබුණේ තමා කලාකරුවෙකු බවට පත් කළ, ළමාවියේ වැදගත්ම අත්දැකීම මෙය බවයි.